Pages

Jun 10, 2015

නිල් අහසේ ඇදී එන්න

මොකක් හරි අප්සට් එකක් තියෙනවා .. නින්ද යන්නෑ නෙ..
ලිව්වා තව සින්දුවක්.. මං හිතන්නේ මෙලඩියකට හොද වෙයි

නිල් අහසේ ඇදී එන්න සුලං රැල්ල සේ....
 






හිනාවෙන්නට සතුට ගෙන දුන්..

හිනාවෙන්නට සතුට ගෙන දුන්..
හඩන්නට‍ මට කදුළ ගෙන දුන්..
සුසුම් ලන්නට මතක ගෙන දුන්...
ඔබේ ගැන හිත විමසනා මේ රෑ.......‍
පාළුවයි... තනිකමයි....
අතර අවතැන් වෙලා........
මා පවා මට නැතිවෙලා......

පැතූ පැතුමන් අනාගතයට...
ගැයූ පෙම් ගී අතීතයෙ හිද....
එලෙස කෙලිලොල් ආල හැගුමන්..
නොමැති මේ හිත ගොළුවෙලා....
සෝ දුකෙන් හිත ගොළු වෙලා.....


හිනාවෙන්නට සතුට ගෙන දුන්..
 




බැන්දට පස්සේ

යසට හිටපු ඉලංදාරි
පෙනුම හොදට කැපේ...
රස්සාවක් හම්බවෙලා..
මොනරුත් ඇත පොතේ...
තත්වෙ තියාගන්න කියලා..
ලොකු ගේකුත් හැදේ....
අන්තිමේදි කසාදයට..
ඉබේ පාර කැපේ...........

පෙලක් ඈයො යාළු වෙලා...
පෙම් කරලා‍ බැඳේ
පෙලක් ඈයෝ කපුවො එක්ක..
ඩීල් ගහලා බැ
ඳ‍ේ....
ඔය අතරේ කැඩෙන මගුල්...
ජොයින්ට් වෙලා
බැඳ‍ේ....
කොයි විදිහට බැන්දත් අපි..
අන්තිමේදි ලි
ඳ‍ේ......




Jun 9, 2015

වැස්ස වී වහින්නම්...

මේක ලිව්වේ බලපු චිත්‍රපටියක් නිසා හිතට ආපු සිතුවිල්ලකිං

ගෙවීගිය දින වලට..

අරුත් එක් කරලන්න...
සුසුම් සිද බිද දමා...
දිරිය ඔබ දුන්නාද....

සැනසුමක් නොමැති තැන
සැනසුමක් ගෙනදෙන්න...
කදුළු බිදු ඔබ අරන්...
මට සිනහා දුන්නාද.....




සීත රෑ පුරා

මේක නිරිමාණය කරලා අවසන් ගීතයක්.. ලගදීම ඔයාලට අහන්න ලැබෙයි

සීත රෑ පුරා.................
මතකයේ සරා................
මාගෙ ලෝකෙ හීන සගවා...
ඔබම සිහිවෙනා......
නීල නෙත් අගින් දිලිසෙනා.....

ආදරෙන් ඔයා... හිනැහුනා....

ඈත පේන තාරුකාව...
අහසෙ පාවෙනා.....
මෑත ඉන්නෙ මාගෙ ගාවයි...
දිස්නයක් වෙලා.....
ආදරේ ඔයාට දෙන්න...‍
ජීවිතේ පුරා.......‍
සත්තමයි සොයාලා ආවේ...
සසරෙ සෑමදා....
සෑමදා......
‍‍




සීත රෑ පුරා

මේක නිරිමාණය කරලා අවසන් ගීතයක්.. ලගදීම ඔයාලට අහන්න ලැබෙයි

සීත රෑ පුරා.................
මතකයේ සරා................
මාගෙ ලෝකෙ හීන සගවා...
ඔබම සිහිවෙනා......
නීල නෙත් අගින් දිලිසෙනා.....

ආදරෙන් ඔයා... හිනැහුනා....

ඈත පේන තාරුකාව...
අහසෙ පාවෙනා.....
මෑත ඉන්නෙ මාගෙ ගාවයි...
දිස්නයක් වෙලා.....
ආදරේ ඔයාට දෙන්න...‍
ජීවිතේ පුරා.......‍
සත්තමයි සොයාලා ආවේ...
සසරෙ සෑමදා....
සෑමදා......
‍‍




සුදු මැණිකේ

මේක ටිකක් වෙනත් ආරක මෙලඩි එකකට ලියපු එකක්

පද්දා ඉග ගස්සාගෙන
ඔය යන්නේ.........
නැද්දෝ ආයේ
හිනැහෙන්නේ....
නිට්ටාවට පෙම් රෝගය...
හොද වෙන්නේ......
ආයෙත් ආදරෙ කියපන්නේ....
සද්දේ නැති හින්දා නුඹ..
හිතමින්නේ....
තුන් රෑ මා නං ලතැවෙන්නේ....
කැන්දාගෙන යන්ටා
කවදද එන්නේ.........
සුදු මැණිකේ මට කියපන්නේ.....




හිනැහෙන්නකෝ දැං ඔයා..........

මේකත් ලගදීම සින්දුවක් වෙන එකක්

දුර යන්න හිතුවාට දුර යන්න බෑ නේ
ආදරය දැනෙනා නිසා........
මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ...
හිනැහෙන්නකෝ දැං ඔයා.........

හිත රැන්දු මේ හීන හැමදා තියා........
හිනැහෙන්නකෝ දැං ඔයා..........




නංගියේ !

 
පහුගිය දවසක මගෙන් කෙනෙක් ඉල්ලුවා මේ වගේ එකක් ලියන්න කියලා..
මේක ලිව්වේ එයා වෙනු‍වෙන්


අතීතය සිහිව එයි.. නිතැතින්ම පියඹලා...
මවාගෙන හිතෙන් අපි..හිටි අයුරු සිහිවෙලා..
කදුළු කැට නෙතු කොනේ.. නෙතු පියන් සිරකලා..
හිතේ රැදි වේදනා...සුසුමකින් පිටකලා...

දුකක් මා හිත පුරා... මුසුව රැදෙනා විටෙක....
සැනහුනේ ඔබ ලගයි... තවම සිහිවෙයි මෙමට....
ඉදින් මින් පසුව නම්... ‍ඔබත් නැත මා අසල...
කෙලෙස නම් සැනහෙම්ද.. ඔයා ලග නැති තැනක..





නොකියූ ආදරේ

මේකත් කලිං පෝස්ට් එකට සම්බන්ධයි...
ඒ කෙනාටමයි ;) 

දගකාරකම් වලින්...
මනලෝල නෙත් අගින්..
සදු කිදුරියන් පරදවන්නී....
ලා රෝස තොල් වලින්..
කිංකිනි සිහා හඩින්...
වෙනතත් පවා බිදින්නී....

දුටු මුල් දිනේ පටන්...
මගෙ ජීවිතේ වෙමින්...
උන්මාදකම් හොරෙන්..
ගෙනෙන්නී.......


දින දින සති නොදැනී ගෙවෙනා...
ඔබෙ ලෝකේ මා සැරිසරණා...
උමතුව හිත පතුලේ සරණා...
ආදරේ........දැනුනා..........
‍




තරු දහසක්

මේක ටිකක් විශේෂ එකක්.. මේක ලිව්වේ හිතේ තියන නිකංම ිකං සිතුවිල්ලක් නිසා නෙවෙයි...
දැකපු කෙනෙක් නිසා
කියවලාම බලන්න

තරු දහසක් පිපි දිලෙනා
විසිතුරු අහසේ...
සදවතියක් සිනා සලයි..
මේ සුභ මොහොතේ....
නෙත් දහසක් සගවාලා..
ඉමි හොර රහසේ.....
හද පතුලේ රදවන්නම්...
ඔය රූ නිඹදේ..... //




සොදුරුයි ආදරේ

සුසුමක් වැටෙනා.... තනියක් දැනෙනා....
හිතන්න හිත ලග..
නිවාඩුවක් තියෙනා..........
පැතුමක් තියෙනා.... හදවත් බැදෙනා.....
අහන්න වදනක්...
ආදරේ කියනා...!

සත්සර වැයෙනා... රැව්පිලි නැගෙනා...
අහන්න හිත නම්..
පාරමිතා පුරනා........
කුසුමක් පිපෙනා...සුවදක් දැනෙනා...
සුවදයි ආදරේ.........
ජීවිතයට දැනෙනා.......




බොක තදකරන්..අප්සට් ගී 18

බොක තදකරන්..අප්සට් ගී 18

බොක තදකරන්..මහමෙර තරම්..

මට ඉන්න බෑ ලැට් නැතුව නං...
තව හිරකලත් දත් මිටිකමින්...
ඉවසන්න බෑ කවදාකවත්....

නිතර යවනා පඩයට ඉතිං...
කථා කර ගන්න පුලුවං නං...
කියයි හඩගා ලොවට මතුදා..
බඩට දැං බෑ වගේ කියලා.....

බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...




Mar 1, 2014

T20 ලෝක කුසලානයට ලියූ ගී

තුන් සිංහලේ ජය ගෙන එනා....
තනනිල්ලෙ දිදුලන්නෙ එකොලොස් දෙනා....
එකමුතු වෙලා ඉදිරිය කරා.....
යමු ආයෙ අපෙ කිරුල ලැබෙනා තුරා....
ශක්තියෙන් හා ධෛරයෙන්....
එඩිතරව සටන් වැදිලා...........
පන්දුවේ පිත්තෙ වැඩ දමා...
කුසලාන සියතට දරා................. 





අමනාපය දැනේ යසට

මේක ටිකක් සමීප සිදුවීමක්..
කියවලාම බලන්න

අහංකාර බැලුම් මැදින්
සිනා සලන ගමන රුසිරු...
හදේ රැදුනු රුව ඇයමයි..
සිතේ මියුලැසිය පියකරු....
වහං වෙලා තව ඩිංගක්...
ඒ දෙනෙතට එබෙන අයුරු....
කියා දෙන්න ඉඩ දෙනු මැන..
හිතේ රැදුනු පෙම විසිතුරු.....




අවුරුද්දයි

රත්තරං හරි ගනං...
රත්තරං ගනං උනත්..
මේ රත්තරං එහෙම නෑ...
ඒ රත්තරං එහෙම කිව්වට....
කොහොමද පිලිගන්නෙ...
ලිදක ගැඹුර බලන්න නං...
බැහැලම බලන්න ඕනෙලු...




Feb 11, 2014

නොමැති හින්දා ...වැලන්ටයින්....


අම්මා අකමැති කියාලා....
තවත් බෑ මයි හිතාලා......
මගේ ආදරෙ කඩාලා........
ඔයා යන්නේ දමාලා...........

දුකක් හිත ලග තියෙන්නේ....
නමුත් නෑ මං අඩන්නේ......
යාළුවෝ මෙහි ඇදෙන්නේ....
ෆන් එකේ අපි ගයන්නේ........

නොමැති හින්දා ...වැලන්ටයින්....
වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
දා...හතර ෆන් එකේ ගොයින්.....
මචං ගහමුද ..බැලන්ටයින්......




සොදුරු අතීතය මරා දමන්නට....!

නුඹ එන මාවත මට අමතකය..
නුඹ යන මාවතද මට අමතකය..
ඉතිරිව ඇත්තේ ..
නුඹ මා හදතුල..
ආදරයෙන් ලැගුම්ගත්..
සොදුරු මතකය පමණි...
විසිර ගිය මල්පෙති...
පොහොට්ටුවක් වනු දැකීමටවත්...
සැඩ වූ මහා ගගුලක...
උඩුගං බලා පිහිනීමටවත්....
අවැසි නොවේ........




දවසක් එනවා වැලන්ටයින්.......

අතේ සතේ නැතුවයින්.....
කෙල්ල යයි ඕෆ්ලයින්....
දෙයක් කරගන්න ඔයින් මෙයින්..
දවසක් එනවා වැලන්ටයින්.......

ආදරේට නෝ බ්‍රේකිං....
කෙල්ල නං පාරෙත් ශූටිං....
වැටුනත් මට වෙයිටිං....
ඉදහිට මමත් මීටිං.........

බැලුවත් තවම මර්ලින්...
මමත් හැන්ඩ්සම් ඩාර්ලින්....
ඇතත් මට ෆීලින්.....
නෝ මනි ෆො කෝලින්......




ඔයා තවත් මගෙ නොවෙන නිසයි...

නටුව අගින් ගිලිහුනු මල් කැකුලට....
ගහේ සොදුරුකම් බොහොම උසයි......
නතර නොවී ගලනා දිය ගගුලට.....
සත් සමුදුර නම් හරිම දුරයි..........
සසර පුරා එක මග පියනැගුවත්....
මේ භවයේ නම් දුක බොහොමයි......
සමුදෙන්නට බැරි හිත ලතැවෙන්නේ...
ඔයා තවත් මගෙ නොවෙන නිසයි...