Pages

Jun 9, 2015

බොක තදකරන්..අප්සට් ගී 18

බොක තදකරන්..අප්සට් ගී 18

බොක තදකරන්..මහමෙර තරම්..

මට ඉන්න බෑ ලැට් නැතුව නං...
තව හිරකලත් දත් මිටිකමින්...
ඉවසන්න බෑ කවදාකවත්....

නිතර යවනා පඩයට ඉතිං...
කථා කර ගන්න පුලුවං නං...
කියයි හඩගා ලොවට මතුදා..
බඩට දැං බෑ වගේ කියලා.....

බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...

විටෙක ඇලවෙලා.. විටෙක පෙරලිලා...
ගෙවෙන මේ පැය මගේ...
කටුව බල බලා තවම තැවෙනවා...
මැරි මැරී ජීවිතේ....
කොහොම පිලිගන්නේ... මිස් නම්...
බොකක් මට සෙට් වී කියා.....

බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...


නොනිද රෑ පුරා... පාටියට වෙලා
කාපු බුරියානියේ....
තිබුන කුකුලගේ කෑලි වල හැඩේ...
කැරකෙයි ඔළුවේ මගේ...
අනේ මිස්...
රෙන්න යන්න දෙන්නකො ඔයා.....

බොක තදකරන්..මහමෙර තරම්..
මට ඉන්න බෑ ලැට් නැතුව නං...
තව හිරකලත් දත් මිටිකමින්...
ඉවසන්න බෑ තවදාකවත්....


මුල් ගීය - දුක තද කරං..





No comments:

Post a Comment