Pages

Mar 1, 2014

අවුරුද්දයි

රත්තරං හරි ගනං...
රත්තරං ගනං උනත්..
මේ රත්තරං එහෙම නෑ...
ඒ රත්තරං එහෙම කිව්වට....
කොහොමද පිලිගන්නෙ...
ලිදක ගැඹුර බලන්න නං...
බැහැලම බලන්න ඕනෙලු...

බෙරයක හඩ බලන්න නං...
ඒක ගහලම බලන්න ඕනෙලු..
ඉතිං.. රත්තරං ගැන දැනගන්න...
යාළු වෙලාම බලන්න උනා...
හෙටට ඒ ගනං බලපු කථාවටත්
අවුරුද්දක් වෙනවා....
මුලදි පෙන්නපු කීල්ස් ගනං..
දැං නං ටික ටික සතොසට බැහැලා...
ඒත් ඒ රත්තරං වටින ආදරේ....
චුට්ටක් වත් අඩු වෙලා නෑ නේද...
ගෙවිලා ගියේ එක වසරයි..
තව කොච්චර දුර යන්න තියෙනවද..
අනේ ඒ දුරත්..
මේ වගේම සුන්දර වෙනවා නම්..
ඉතින් දල්වමු අපේ ප්‍රාර්ථනා පහන්...
කිසිදා නොපැතූ පැතුමක් පතමින්...
දැල්වූ පහන්.... දැල්වී තිබේවා....!






No comments:

Post a Comment