Pages

Jun 9, 2015

නොකියූ ආදරේ

මේකත් කලිං පෝස්ට් එකට සම්බන්ධයි...
ඒ කෙනාටමයි ;) 

දගකාරකම් වලින්...
මනලෝල නෙත් අගින්..
සදු කිදුරියන් පරදවන්නී....
ලා රෝස තොල් වලින්..
කිංකිනි සිහා හඩින්...
වෙනතත් පවා බිදින්නී....

දුටු මුල් දිනේ පටන්...
මගෙ ජීවිතේ වෙමින්...
උන්මාදකම් හොරෙන්..
ගෙනෙන්නී.......


දින දින සති නොදැනී ගෙවෙනා...
ඔබෙ ලෝකේ මා සැරිසරණා...
උමතුව හිත පතුලේ සරණා...
ආදරේ........දැනුනා..........


සේයාරූ බල බලා...
ඉන්නද තව කල් බලා...
දුටුවත් ඉදහිට ඔයා.....
හිත මාගේ ගොළු වෙලා....
මෙලෙසින් දකිනා ඔයා...
හැබැහින් දකිනෙම් කියා...
දින දින මං කල් බලා....
හිත ඉවසුම් නැති වෙලා....


දින දින සති නොදැනී ගෙවෙනා...
ඔබෙ ලෝකේ මා සැරිසරණා...
උමතුව හිත පතුලේ සරණා...
ආදරේ........දැනුනා..........





No comments:

Post a Comment