Pages

Jun 24, 2013

නැන්දෙ මාමෙ - අප්සට් ගී 09

පාට පාට ලයිට් දාලා ගේ දිලිසෙනවා.........
එනවා යනවා ඒ නංගිත් ඔමරි පානවා....
තාමත් නෑ ගෙදර වටේ ලයිට් නිවන්නේ....
හයියෝ පිස්සු හැදෙන්නේ............

නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
එන්නං දුව ගෙනියන්න.................

පඩි ලැබෙද්දි මාමා තවත් බඩු ගෙනියනවා.......
වොශින් මැශින් ප්‍රිජ් වල නැන්දා දගලනවා
පට්ට සවුන්ඩ් මැද නංගිත් නටමු කියනවා........
මං හෙමිහිට කැරකෙනවා............

නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
එන්නං දුව ගෙනියන්න.................

ෆැන් එකක් දැම්මත් මීටරෙ කැරකෙනවා...
විදුලි බිලට ලගදිම ගේ උගස් කරනවා.....
එහෙව් අපිට මේ මාමා ගොඩක් වටිනවා.......
අම්මපා දුවව බදිනවා...............

නැන්දෙ මාමෙ ඔන්න කිව්වා මේ අහගන්න....
ඩව්රි එපා සල්ලි එපා තවත් හොයන්න.....
දල වශයෙන් ඔබෙ ලයිට්බිල මට ලැබ දෙන්න...
එන්නං දුව ගෙනියන්න.................






No comments:

Post a Comment