Pages

Jun 24, 2013

ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න.......

අහස පුරා විහිදී යන...
දහස් තරු පොකුරු අතරට...
මා නැති පාලුව දැනුනොත්....
සදුට කියන්න.................
ආයේ කවදාවත් බෑ ..
ඔබ හමුවෙන්න.......
ආයේ කවදාවත් බෑ ..
ඔබ හමුවෙන්න.......

‍වසන්තයම විකසිත කල...
දිගන්තයේ එක දවසක..
කුසුම් අගින් හමා ඇදෙන...
මුදු සුවද වගේ................
සුලං රැල්ලෙ දැවටීගෙන..
ඔච්චම් කරමින් ඉද හිට..
රංචු ගැහුන පැතුම් පොකුරු..
පරවෙලා නැතේ.............

අහස පුරා විහිදී යන...

පොද වැස්සක එක කුඩයක....
තුරුල් වෙවී ඇවිද යන්න.....
ඉද හිටවත් හිස සිඹිමින් ...
ආදරයෙන් තුරුල් වෙන්න.....
සංසාරෙම මගේ වෙන්න..
පැතුව ඔබ ගිහින්.............
රෑ අහසේ දිදුලන තරු..
එළි නිවී ගිහින්..........


අහස පුරා විහිදී යන...







No comments:

Post a Comment