මුලු දවසක් ගෙවී ගියත් මං තව මග බලමින්නේ.......
දුරකථනෙන් අහගන්නයි ඔය හඩ අද ලතැවෙන්නේ....
නිදි දෙව්දුව මුනගැහිලද ඇය කලින්ම සැතපෙන්නේ...
සිහින විමන් බිද දමලා ඇයි ඔබ නින්දට යන්නේ.......
දුර ඈතක මා තනිවී පාලු ලොවක කිමිදෙනවා.........
ලසෝතැවුල් ගිනි මැදියම හදවත ගිනි අවුලනවා....
කොලොම්පුරේ වැඩ බිමකට ඇය දහවල පුද දෙනවා....
හිත් සනසන එක පැයකට මට අවසර නැති වෙනවා.........
විමසනු බෑ පිළිතුරු නෑ කෝප ගින්න ඇවිලෙන්නේ....
වදනක් වැරදුන විටෙකත් මා හිතමයි රිදවන්නේ....
කෙලෙස දරාගන්නද නෑ මේ දුක මට තේරෙන්නේ....
හඩන්නටත් ඉඩකඩ නෑ කදුලත් තහනම් වැන්නේ...!
ලංවෙන තරමට ආදරෙ වැඩි වෙනවලු ලොව කීවේ......
එවන් ලොවක ඈතින් හිද පණ මෙනි සෙනෙහස පෑවේ.....
හිත රිදවා නෙත් පොගවා නසනු එපා මේ ජීවේ......
ඔබෙ එක හුස්මක් ගානේ මගෙ දිවි නළ එහි යාවේ.....
කොතෙක් කලක් නොම දුටුවත් ඔබ ඈතයි නෑ දැනුනේ.....
නිතරම සවනට වැටෙනා ඔය හඩමයි සිත රැදුනේ.........
මගහරිමින් මගෙ ඇමතුම් කල් බලනා ප්‍රිය ලදුනේ.......
ආදරෙ මගෙ අඩු වෙලාද වෙනසක් කිමදෝ පෙනුනේ....
No comments:
Post a Comment