Pages

Jun 24, 2013

ස්කූටර් කෙල්ලෙ

විසේකාර අහංකාර...
දැක්කම ඔය ගනංකාර..
රූපෙට හිත වහ වැටිලා කෙල්ලේ...
අලංකාර වතින් පාන..
බැල්මට නෙතු නිලංකාර...
වෙලා ගිහින් මං නැවතී ඉන්නේ........

ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//

හැන්දෑවට පාර පුරා වාහන යන දෝරෙ ගලා...
එපා වෙලා ඉන්න වෙලාවේ................
මං ගාවට දග කැවෙනා ඔය රූපෙට හිත බැදුනා...
ස්කූටර් වංසයෙ කෙල්ලේ.............

ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//

සන්සුන් කම සිත බිදුනා.. තව ලං වෙන්නට හිතුනා....
රෝද දෙකෙන් තදබද අතරේ.......
සිත් සනසන රුව දුටුවා.. නෙත් සැරයෙන් ඉගි මැරුවා...
ඔයා ගෙදර මං තව පාරේ..............

ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//

විසේකාර අහංකාර...
දැක්කම ඔය ගනංකාර..
රූපෙට හිත වහ වැටිලා කෙල්ලේ...
අලංකාර වතින් පාන..
බැල්මට නෙතු නිලංකාර...
වෙලා ගිහින් මං නැවතී ඉන්නේ........
ඔයා සුර අගනක් දෝ.... සද කිදුරු ලියක් දෝ...
හිත මත්කරනා ලතා ගෙනෙන ලියතඹරා දෝ......//




No comments:

Post a Comment