Pages

Jun 24, 2013

යුග කථා වස්තුව

ඩාලිං...
මගෙ සුදූ... වස්තුව...
මගෙ පණ....
ඔයා නැතුව මට මේ ජීවිතෙන්...
කිසිම ථලක් නෑ මගෙ රත්තරන්..
මේ ලෝකෙ ..
කිසිම මලකට, කිසිම සින්දුවකට
ඔයාව උපමා කරන්න බෑ...
ඔයා තරං වටිනා වෙන දෙයක්
මට තවත් නෑ..
ඔයාට කැමති දෙයක් කියන්න..
මං අරන් දෙන්නං...
ඊයේ වගේම..
අද රෑ එළිවෙනකන්...
මාත් එක්ක කථා කරන්න...
එනවා නේද ?

බබා....
ම්ම්ම්ම.......
මට අපි බැන්දා කියලා
හිතෙන්නෙවත් නෑ..
තාම ඉස්සර වගේමයි...
පිස්සු නෙවෙයි අනේ..
අපි හැමදාම මේ වගේ ඉමු...
අපි තියෙන දෙයක්
තියෙන හැටියකට බෙදාගෙන ඉමු..
ඔයා දන්නෙ නෑ ..
මං ඔයාට
කොච්චර ආදරේද කියලා..
ඔව්.... අද විතරක් නෙවෙයි..
හැමදාටම.......
දෙන්නා තුන්දෙනා උනත්..



මේ... ඇහුනද...
ආන් බබා අඩනවා...
ඔය ටීවී එක ඕෆ් කරලා
පොඩ්ඩක් බලනවද?
මං මේ ඔෆිස් එකේ වැඩක්...
ආ.. ඇත්තද...
අවසාන කොටසද...
හා මං බබාව බලන්නං...


මේ මනුස්සයෝ....
ළමයා පාඩං කරනවා...
දවසකට නාට්ටි දෙකක් විතර
බැලුවම ඇති නේද...
ඕකෙ තියෙන ඔක්කොම ඒවා
බැලුවයි කියලා.....
අපිට තෑගි ලැබෙන්නෙ නෑ නෙ....
හ.. හා .. හා.. හරි..
හරි හරි..
ඕනෙ එකක් කර ගන්න එකයි ඇත්තෙ...

ගෑණියෙ... තොට ඇහුනෙ නැද්ද
මං තේ ටිකක් හදං එන්න කිව්වා
උදේ ඉදං මොකුත් නෑ හරියට..
දහයට වත් තේ නැත්තං
වැඩක් තියෙනවද......
හහ්... හා හා ... හරි හරි...
කෑ ගහන්න එපා ...
මං කඩෙං තේ බොන්නං...


මේ..... ළමයින්ගෙ අම්මෙ....
අදවත් ...
ලොකු ළමයාගෙ ගෙදර ගිහින් ආවොත්...
හොදයි නේ...ද ?
පොඩි එකා දකින්න නැතුව සාංකාව වගේ...
උඹලා අපීත් මේ නහින දෙහින කාලෙ නොවෑ..
යනගමන්...
පන්සල පැත්තෙත් යමල්ලාකො




No comments:

Post a Comment