ලස්සන රැල් එල්ලලා
හැඩ දාපු......
සරුංගලයක් වගේ පාවෙන..
මගේ හිත..........
ඔයාගෙ...
ආදර නූලෙන් ගැටගහලා...
මේ ජීවිත අහසෙ....
ගොඩාක් දුර ගෙනිහින්...
වෙලාවකට හරිම දගකාරයි..
කොම්බු ගහනවා..
ආයෙත් උඩ යනවා..
ටිකින් ටික ..
ඔයා නූල දිගු කරනවා.....
හදිස්සියෙම....
මං ....
අවිශ්වාසයේ
රුදුරු උඩු හුලගකට අහුවෙලා...
කර කියාගන්න දෙයක් නැතුව
කැළඹිලා.......
ආයෙත්....
ඔයා ලගට එන්නද...
සදහටම ඈතට යන්නද....
තීරණය ඔයාගෙ අතේ...

No comments:
Post a Comment