Pages

Jun 23, 2013

තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට

තිස්සෙම වැටෙන ලා නිල් දිය ඇලි අතර....
ලස්සන මල් උයන් හා බඹරුන් නිතර....
සුවදට ඇදී ගියමුත් හිත මලට බර...
ලියා ඇති ලෙසින් සිදුවේමැයි සසර.....

දිනයක් ඒවී නැවතත් අපි මුනගැහෙන....
දිනකින් දිනක් ගතවෙන්නේ සිතින් මැන...
කීවත් එවන් පදවැල් දෙදෙනා එදින.....
දෛවය ඉඩ දෙයිද නැවතත් හමුවෙන්න...

කාලය ගතවෙනා පවනට බදු ලෙසිනේ......
ජීවය ගිලිහෙමින් මනසින් යයි දුකිනේ...
ලෝකය පවා එරෙහිව සතුරුව නැගුනේ....
නොරිස්සුම පමනක්ද මා හට උරුම උනේ..

හමු වුන අප කථා කල මොහොතක් ගානේ.....
අතිනත් බැදන් ගිය හැම පාරක් ගානේ...
දුරකථ‍නයේ ඇමතුම් ලැබෙනා ගානේ.....
විමසයි මසිත මගෙ ලෝකෙට මොකද උනේ...


නෑ කිසි සතුට ඔබ නැති ලොවකදි මෙමට....
ඉර හද පවා නොනගියි එහි අදුර පිට...
ශෝකය දුකට හද ගිනිවැල් පෙරමුනට....
තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!




No comments:

Post a Comment