Pages

Jun 23, 2013

දැවෙනා සිතුවිලි

දැවෙනා සිතුවිලි වීදි කොනේ නෙත් කදුලැල්ලෙන් තෙත් කරවා....
කහවනු මල්ලකි අතින් අතට..... කිසිවෙක් නෑ හදවතකින් ලබනා......
තුටිනා ගිජු කම මධුවිතකට....... අසරණ නෑ කුරිරුකමයි දරනා..........
වටිනා ජීවිතයක් තත්පරෙකට..... රුධිර විලක් මැද නිසල වෙනා...........

දැවෙනා සිතුවිලි...........

පැසසුම් ලබමින් දියුණුවෙ හිනිපෙති... ගණන් කරන සිටු කුමාරයෝ.......
ඇතිවත් බැරි තව නැතිවත් බැරි.... සොර සතුරන් මැඩලන පිසාචයෝ.....
ඇල්මෙන් ‍බැල්මෙන් කත් අදිනා.... බැල මෙහෙකම් කරමින් අනාථයෝ....
කප්පම් ඉල්ලති තවකෙක් මරමින්..... රට යයි සමගින් කුමාරයෝ..........

දැවෙනා සිතුවිලි.........

ලැබිලා වටිනා මනු දිවි පෙවෙතක්....... නොලැබිලාද හදවතක් කොහේ....
කටුසු වෙසින් ලෝකය රවටන සද..... ලොව කැරකෙයි අද හෙටත් ඔහේ....
තරුණ ලොවට නෙක විනාශකාරී.......අද සැප හෙට නැති උනත් රැහේ.....
දන්සල් ‍තොරණින් දෙවි රැකවරණින්... රටම බබලවයි වෙසක් මහේ........!




No comments:

Post a Comment