Pages

Jun 23, 2013

තරු කුමරි



නිසල සද ඇති රැයක
තරු කුමරි සිනාසෙයි...
සද මෙන්ම තරු පොකුරු...
ඇගෙ රුවට වශී වෙයි...
වලාකුලු අහස් ගැබ
සිසාරා ඔහේ යයි.....
අනේ තවමත් කුමරි.
එහෙමමයි එතැනමයි...
පැයෙන් පැය ගෙවීයයි....
නව දිනක් උදාවෙයි....
තරු කුමරි පැතුම් සිත..
තබාගෙන නිශ්චලයි.....
චංචලයි සිතුවිල්ල....
කෝමලයි නැලවිල්ල...
විසිතුරුයි පවනැල්ල...
හිත බැදෙයි සැනසිල්ල...
හිරු කුමරු සිනාසෙයි...
තුරු ලතා අත් සලයි...
පැතුම් හද පොදි බැදන්...
තරු කුමරි මග බලයි....





No comments:

Post a Comment