Pages

Jun 24, 2013

අන්තර්ජාල අදිසියන්

උදේ සිට රෑ පුරා...
ජාලයෙන් හමු වෙනා....
නොයෙක් මිතු දම් වෙනා...
දිනය ගෙවමින් යනා....
හඩක් අසලා නැතේ...
රුවක් දැකලා නැතේ....
යතුරු පුවරුව නිසා...
සබද අපි එක් වෙතේ....
දුකක් කියලා යතේ....
පැනය අසලා යතේ....
ඇලඩින්ගෙ පහන සිහි..
කරනවා හිතුමතේ.....
ගැටළු නම් කෝටියයි...
පිලිතුරත් හදිස්සියි.....
දෙන්න බැරි වූවොතින්...
මිතු දමත් අහවරයි....
වැඩ ගන්න වැඩ දෙන්න...
එකිනෙකා අත ගන්න....
හිත දෙන්න ලං වෙන්න...
කෝ අනේ බෑ එන්න....
හදිසියේ ගැටළුවක්...
ඇතිවෙලා මා අතින්...
සරණ දුන් මිතුරු කැල..
සොය සොයා දුවමි මං...
ජංජාලෙ හුටපේ....
සැරි සරා මත් වෙතේ...
ඒ නමුත් තව නැතේ...
පිලිතුරක් මා අතේ......




No comments:

Post a Comment