Pages

Jun 24, 2013

දසුනක් වී

දසුනක් වී දෙනෙතේ රැදෙනා....
සුලගක් සේ සිරුරේ වෙලෙනා...
හුස්මක් ගානේ හද සොයනා......
වැස්සක් වී තුන් හිත තෙමනා...
ආදරයේ නිම් හිම් නොවෙනා.......
දෙව්දුව දෝ ඇය මට සිතුනා......

සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
ඈ...........................

පිනි වැටෙනා හැන්දෑවේ..... සද රැජින නැගිලා.........
ඉගි කරනා තරු රෑනේ...... පොකුරු මල් දැකලා.....
ආ...රාධනා දෝ... කරන්නේ දුර ඉදලා..............
ඈ...... සීත යාමේ... මා පාලුව දුරු කරලා..............

ආදරයේ නිම් හිම් නොවෙනා.......
දෙව්දුව දෝ ඇය මට සිතුනා......
සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
ඈ...........................


රෑ අදුරු අහසේ...... සදරැජින ඔබ නම්........
මා දෙනෙත් අතරේ..... දකින්නේ ඔබව නම්.....
රෑන රෑන දිලිසෙනා.....ඈත පේන තරු දිහා....
තවත් නොබලන්නම්....................

සීත රැයකදී දෙනුවන් පා සිනා සලා........
මාගෙ හීන ලෝකේ සැනකින් වර්ණවත් කලා.....
ඈ...........................

දසුනක් වී දෙනෙතේ රැදෙනා....


නවම් සෝදරයාේ තනු නිර්මාණයකට මාවිසින් ලියල ලද්දකි..




No comments:

Post a Comment