
මොර සූරන වැසි වැටෙනා..
මන්දාරම් අදුරු මගක...
ලහි ලහියේ බයිසිකලෙන්
නිවසට යන්නයි.....
බිමට වැටෙව වැසි බිදුවෙන්..
පොඩි පුතුගේ රැකවරණය
තිබුන එකම වැහි ඇදුමෙන්..
සරිකර ලන්නයි..........
කෙතරම් වැසි වැටුනත් මට..
නුඹ මා තුරුලේ හිදිමින්....
කිරිකැටි අත් පා හකුලා...
උනුසුම් වෙන්නයි.......
රන්කැටි පුතු මිනිසෙකු වී..
ලොව අරමුණු ජයගත් සද...
පිය පදවියෙ මහඟු අරුත
මතකෙට එන්නයි...........
No comments:
Post a Comment