නටුව අගින් ගිලිහුනු මල් කැකුලට....
ගහේ සොදුරුකම් බොහොම උසයි......
නතර නොවී ගලනා දිය ගගුලට.....
සත් සමුදුර නම් හරිම දුරයි..........
සසර පුරා එක මග පියනැගුවත්....
මේ භවයේ නම් දුක බොහොමයි......
සමුදෙන්නට බැරි හිත ලතැවෙන්නේ...
ඔයා තවත් මගෙ නොවෙන නිසයි...
වසරින් වසරට පියමං කෙරුවෙමු.....
මතක මැදුරු සිත් අතර නගා........
ඇරයුම් නොලදත් අපි හමු වූවෙමු....
අසම්මතේ සිර මැදුරු කඩා..........
සයුරින් එතෙරට පිටවී යන්නට......
අනාගතේ සුභ පැතුම් දරා..........
දිවි දුන්නේ එක සිතකින් ඔබමයි.....
එකම කැදැල්ලක සිහින මවා.......
අතරින් පතරට නැගෙනා මැසිවිලි...
පෑල දොරින් ඉවතට පන්නා...............
ඔබෙ විශ්වාසය මගෙ දිවි පණ නල...
විලසට බැතියෙන් හද රන්දා.......
එන්නම් මිහිරේ ලොවම පරදවා...
ඔබෙ අතගෙන යන්නට කැන්දා........
බලාපොරොත්තුව දුහුවිල්ලක් සේ...
ඔබෙ දෙපතුල ලග විය නින්දා........
ගහේ සොදුරුකම් බොහොම උසයි......
නතර නොවී ගලනා දිය ගගුලට.....
සත් සමුදුර නම් හරිම දුරයි..........
සසර පුරා එක මග පියනැගුවත්....
මේ භවයේ නම් දුක බොහොමයි......
සමුදෙන්නට බැරි හිත ලතැවෙන්නේ...
ඔයා තවත් මගෙ නොවෙන නිසයි...
වසරින් වසරට පියමං කෙරුවෙමු.....
මතක මැදුරු සිත් අතර නගා........
ඇරයුම් නොලදත් අපි හමු වූවෙමු....
අසම්මතේ සිර මැදුරු කඩා..........
සයුරින් එතෙරට පිටවී යන්නට......
අනාගතේ සුභ පැතුම් දරා..........
දිවි දුන්නේ එක සිතකින් ඔබමයි.....
එකම කැදැල්ලක සිහින මවා.......
අතරින් පතරට නැගෙනා මැසිවිලි...
පෑල දොරින් ඉවතට පන්නා...............
ඔබෙ විශ්වාසය මගෙ දිවි පණ නල...
විලසට බැතියෙන් හද රන්දා.......
එන්නම් මිහිරේ ලොවම පරදවා...
ඔබෙ අතගෙන යන්නට කැන්දා........
බලාපොරොත්තුව දුහුවිල්ලක් සේ...
ඔබෙ දෙපතුල ලග විය නින්දා........
No comments:
Post a Comment