Pages

Jul 21, 2013

නංගී කුමාරී.. අප්සට් ගී 13


මුල් ගීය - රාජ කුමාරි මල්සර දෝණි

නංගී කුමාරී ඇදගෙන සාරී
හෙප්පුව අරගෙන පැමිණෙනවා........
නංගී කුමාරිගෙ ලුක් එක දැකලා..
කොල්ලා ඉදගෙන...ඇඹරෙනවා...
කොල්ලා ඉදගෙන ඇඹරෙනවා......





පියුං..... අයියා...අප්සට් ගී 12

මුල් ගීය ජෝන් සීනා...

පියුං..... අයියා...
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....
පියුං...... අයියා....
අපෙ ලොකු අක්කට ලියුමක් දීලා....

ගේ දොර වැඩකුත් නෑ..
උයන්නෙවත් නෑ...
කාමරේට වෙලා
එයා ලියුං ලියනවා.......//ට්‍රිං ට්‍රිං





හමුවෙන්න ආයේ


හමුවෙන්න ආයේ කවදාද එන්නේ...
නිල් දෑස දැකගන්න සිත නිදි නැතේ......
ගං ඉව්රෙ මා හා කැල්මන් හෙලන්නේ ..
නවතින්න ඉඩ දෙන්න ඔබෙ හදවතේ.......//





නිරන්තරේ දකිනා


නිරන්තරේ දකිනා නෙතු දහසක් අතර....
අහම්බෙකින් දුටුවේ ඔය රුව අද හවස....
වැසි වැටෙනා හැන්දෑවේ ඈතට ඇදෙන....
ඔයා දිහා බලන් ඉන්න හිතෙයි දවසම.....




තැබෑරුමේ සිට

නිතර මං යන්නෙ නැති
තැබෑරුමකට වෙලා........
නොබොන බීමක් අරං..
ලා අදුරෙ සැගවිලා....
හිතට හිත නැති තැනක
පාලුවේ කිමිදිලා....
ආයෙමත් එන්නෙ නැති...
අතීතය සිහි කලා......




Jul 1, 2013

සදරානි... අප්සට් ගී 11


මුල් ගීය - සද රෑට රෑට සද විමනට


සදරානි අපේ පොල් වත්තේ පොල් අරංගියා...
මම රානි එක්ක පොල් අහුලං ඒ ගෙදර ගියා...
ඒකිගෙ නෑයො සෙට් වෙලා...පෝරුවෙ මාව නග්ගලා...
මනමාලි එක්ක ගෙදර තනි කලා...................

පොල් මල්ල ටිකක් බරින් වැඩි නිසා...
පව් කෙල්ල කියා මං උදව් කලා.............
(ටට්ට ටටං ටං .. ටටට ටට්ට ටටං ටං... )
පොල් මල්ල ටිකක් බරින් වැඩි නිසා...
පව් කෙල්ල කියා මං උදව් කලා.............
අපි ඇගෙ ගෙදරට යන්නේ.....
නෑයෝ වට වෙන්නේ..........
කොල්ලව අතට අහු වෙලා...........





තනිවී නිදන්නයි මා..- අප්සට් ගී 10

මුල් ගීය.. තනිවී සිටින්නයි මා..



තනිවී නිදන්නයි මා..
අදහස් කලේ.....
ඔබමයි සොයා .. ඇවිදින්...
ඇද ඩබල් කලේ.....
කොට්ටය දැමූ වත් නෑ...
එය නතර කලේ....
පොඩි එකෙක් යලිත් නිවසට..
ඔබයි බිහිකලේ..........






සිතා හිටියත්


සිතා හිටියත් රජ කිරුළු බැද...
අසු පිටින් සක්මන්............
පතා හිටියත් අමර සැප ලැබ...
යස ඉසුරු යහමින්......
ලොවක් ලැබුනත් ඔබව නොලදොත්
දිවියෙ නෑ අභිමන්.....
කියූ ඒ රූ කොහේ සැගවී...
ගියාදෝ නොදනිම්...............