සරා..සදට ඔච්චම් කල
මෘදු සුලග සලා...............
වලා රොදක සැගවී යන්..
ඔය සිසිල හෙලා......
දරා..ගන්න බැරි පාලුව..
මට ඉතිරි වෙලා..........
ඔබේ නොනිමි මතකය ලග..
රැය පහන් කලා.................//
හිනා... පිරුනු අතීතයේ....
සිත කිමිදෙන්නේ...............
මගේ ...ලමැද ඔබ සැතපුන...
යුගය මැවෙන්නේ.......
ඔහේ... පාවි ඇදෙනා
නිල් සමුදුරු ගැඹරේ...
රුවල් නොමැති නෞකාවද..
මා දිවි අඹරේ.........
සරා..සදට ඔච්චම් කල.........
නිදා... ඉන්න මල් පෙති ලග..
තනියට ඉදලා..........
උදා ඉරක් සේ එන්නම්....
විකසිත කරලා............
කියා... ගියත් හැරදා මා...
ඔහු හා බැදිලා............
හිතා ගන්න බෑ තවමත්...
ඔබ චපල වෙලා..........
සරා..සදට ඔච්චම් කල.........

No comments:
Post a Comment