Pages

Feb 11, 2014

ආගන්තුකයා

මහ වරුසාවක් ඇදහැලෙනා..
වැහි දිය ගම් බිම් සෝදා ගලනා...
පාළු පැලම අදුරේ ගෙවෙනා...
ආගන්තුකයෙක් පියවර නගනා....

මහ වැහි බිදු උළු මත වැටෙනා....
ඒ හඩ සමගින් මුනිවත බිදෙනා.....
නන්නාදුනනා දැහැනින් මිදුනා...
කුළුපග හසරැල් පායා දිලුනා.......

මනසේ පාළුව සන්සිදෙනා....
ඒ හිතවත්කම දිවි සේ රැකුනා....
මනහර දෙසිතක් එක් වනු පෙනුනා..
වියලුනු හදවත දළු ලා නැගුනා.....

මහ වැසි පායා හිරු කැන් නැගුනා....
අඹරේ පැතිරී ලොව එළිය උනා....
සසරේ බැදි සෙනෙහස් දම් සිදුනා.....
ආගන්තුකයා නික්මෙනු පෙනුනා.....


වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
ජිවිතේට ගොඩ වෙන අයට...
ආදරය කරන්න එපා....
වැස්ස පායපුවාම එයාලා යනවා...





No comments:

Post a Comment