පොඩි චෝදනාවක් තියෙනවා ආදරේ ගැන ලියනවා වැඩියි කියලා..
ඉතිං හිතෙන දේ නොලියා මොනවා ලියන්නද නේද... :p
උදා හිරු සේ ඈත බැබලී...
යෙහෙලියක් හා ඇවිද එන්නී....
සදත් උපමා කරනු කුමටද...
රූ රැසින් සුරගුන් දරන්නී......
සිනා බැල්මෙන් හදේ පෙලනා...
දහස් දුක් සිද බිද හෙලන්නී....
මගේ ලෝකයෙ පිපී දිලෙනා..
රැජින වී අභිසෙස් ලබන්නී.....
අතින් ගත් බෑගයක් සමගින්..
ඇගේ පා යුග එසවුනාවේ....
මුදා වරලස සුලං රැල්ලට..
මුසුව තාලෙට සෙලවුනාවේ.....
ඉබේ මැවෙනා රූප රේඛා...
උදෑසන මන්මත් කලාවේ.....
සදා නොමියෙන සෙනේහයකට...
මගේ හදවත කැප වුනාවේ.....
උදා හිරු සේ ඈත බැබලී...
යෙහෙලියක් හා ඇවිද එන්නී....
සදත් උපමා කරනු කුමටද...
රූ රැසින් සුරගුන් දරන්නී......
සිනා බැල්මෙන් හදේ පෙලනා...
දහස් දුක් සිද බිද හෙලන්නී....
මගේ ලෝකයෙ පිපී දිලෙනා..
රැජින වී අභිසෙස් ලබන්නී.....
අතින් ගත් බෑගයක් සමගින්..
ඇගේ පා යුග එසවුනාවේ....
මුදා වරලස සුලං රැල්ලට..
මුසුව තාලෙට සෙලවුනාවේ.....
ඉබේ මැවෙනා රූප රේඛා...
උදෑසන මන්මත් කලාවේ.....
සදා නොමියෙන සෙනේහයකට...
මගේ හදවත කැප වුනාවේ.....
හීය අතකින් ගෙන සරා සද...
අප වටේ නොවැ පියාඹන්නේ....
මගේ දෑසින් දුටු නමුත්...ඔබ...
තවම නෑ නේ .. එය දකින්නේ....
සොදුරු යුවතිය ඔබේ ගැනමයි...
සුසුම් ගානේ හිත කියන්නේ....
දිනෙන් දින ගෙවි ගෙවී යන මුත්...
තවත් නෑ විමසනු සිතෙන්නේ.....
වනේ සරනා බඹරු ඇවිදින්..
මලේ පහසට ලොබ බදින්නේ.....
අගේ ඇති මල් සුවද විහිදා..
එවන් බඹරුන් උමතු වෙන්නේ.....
හිතේ දැවෙනා හැගුම් කෙලෙසද.
ඔබේ ඔය සවනත තබන්නේ....
නගේ නොම දෙන් හදේ නැවතුම්..
මගේමයි ඔබ නැතිද දන්නේ........
උදෑසන සිට සවස් වනතුරු
ඔබේ සිනහව ඇසෙන මානේ.....
විරාමය ලද සැනින් පසු වෙමි..
ඔබේ රූපය පෙනෙන මානේ....
කෙසේ ඇසුනත් .. කෙසේ බැලුවත්..
එපා නොවෙනා මගේ සිහිනේ.....
සැබෑ වන්නට වරම් දෙනු මැන...
ඔබෙන් තොර නැත කිසිත් ඕනේ....
No comments:
Post a Comment