Pages

Oct 11, 2013

මගේ චෙක් පොතේ හී...(අප්සට් ගී 17)

මුල් ගීය- මගේ දිනපොතේ හී...

මගේ චෙක් පොතේ හී...
අද මං ලියන්නේ..............//
අප පොඩි කඩේ හී....
අවසානයයි...........
මේකත් රිටන්..... වූ.. දා...
ලෙඩ කෝටියයි..........

මගේ චෙක් පොතේ හී...
අද මං ලියන්නේ.............


කවදාක හෝ අපි සෙට් වෙලා......
සල්ලිත් අපේ..... සමසේ දරා......
පොඩි හවුලකින්.... කරමූ කඩේ......
ඒ කී වදන්..... බොල් ණයම වේ.......

මගේ චෙක් පොතේ හී...
අද මං ලියන්නේ.............

ණයකාරයෝ.... අපෙ ගේ වටේ...
වටලා හිදියි..... දිව රෑ දෙකේ......
වැඩි ණය අරං.... නොගෙවා ඉතින්...
කඩ රන් කරන්නේ.....කොහොමද මචං....

මගේ චෙක් පොතේ හී...
අද මං ලියන්නේ.............
අප පොඩි කඩේ හී....
අවසානයයි...........
මේකත් රිටන්..... වූ.. දා...
ලෙඩ කෝටියයි..........


පාසලක වාණිජ දිනයක විචිත්‍රාංගයක් සදහා ගායනා කිරීමට ලියන ලද්දකි.




No comments:

Post a Comment