රෑ අදුරු ආකාසේ දිලෙනා සදක් සේ...
හද අඹර පීරා ඔබේ අසිරි දිලිසේ......
මේ සීත යාමේ ලගින් ඉන්න මාගේ....
කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... //
හිත පාළු සංකා ..මකා ලන්න දෑසේ
තුරුලේ සුවේ ..තව විදගන්න රහසේ...
මගෙ හීනෙ මේ රෑ ..එළිවෙන්න බෑනේ..
කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... //
රෑ අදුරු ආකාසේ...
නාදලු දෙතොල් පාන මදහාස අතරේ....
තවමත් නොකී ආදරේ කවිය මතුවේ....
නිදි නැත්තෙ මට තවම යලි ඔබව සිහිවේ...
කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... //
රෑ අදුරු ආකාසේ..

No comments:
Post a Comment