Pages

Sep 9, 2013

පාරමී උඹ ගැන හිතා ..

පාරෙදී... බස් එකේදී.....
ඕ.. බ ගැන සොය සොය ඉදලා.....
ආදරේ... මගෙ ඔබට දී.....
ආ..ද ගෙදරට නාකි වෙලා......
ලෝකයේ නෑ මේ වගේ...
ඒ...කෙක් චාටර් කාලා.....
පාරමී උඹ ගැන හිතා....
මා.. අද හොදටම බීලා......


වැ...ව ලග පාර ගාව
හන්දි ගානෙ බෝක්කු ගානෙ..අව්වේ වේලෙන්නේ..........
බ...යිසිකලේ පාග පාග...
උදේ ඉදං රෑ වෙනකං...ඔබ පස්සෙං එන්නේ..........
ආ...දරේට නේද මේකා ...
මේ වාගේ මං පස්සෙං...දවස ගානෙ කට්ට කන්නේ.....
පා....රමියෝ හිතුනෙ නැද්ද..
සතිය සතිය නාකි වෙන්නෙ.. නැද්ද මං එක්ක එන්නේ......


වේ..ලාව අරං බලලා...
පොරොන්දනුත් බලලා...නැකතත් බැලු‍වානේ......
දී...ග කන්න ඔයා එක්ක
පුංචි ගෙයක් හදලා... මං හීන මැව්වා නේ.........
තා... ම බෑ කියලා..
මං එද්දි ගේ අස්සෙ... දැං ඇයි හැංගෙන්නේ..........
ඔ...ය රෑට රෑට රිංගන..
ටව්මේ කොල්‍ලා... කව්ද මං නෑ දන්නේ..........

ත...රුණ වයසෙ ඉදලා....
එකම සිතින් ආවේ.... කල හොද නරක වෙතී.....
නෑ...න්දා මාමා දැකලා...
ගෙදර වැඩත් කරලා.... ගොනා වගේ හිටිය හැටී.....
දෑ..ං මනාප නෑ කියලා..
මටත් කොලේ වහලා.... වෙනකෙක් එක්ක යතී.....
අනේ... මට මනාප නැත්තං....
දැං වත් කියපං.... උඹෙ මායමත් ඇතී.....





No comments:

Post a Comment