Pages

Sep 9, 2013

වචනයෙන් නොකියවෙන දේ

සති ගණනක් ඇගිලි ගැන්න..
ඒ සුන්දර දින ඇවිදින්.....
මහ සයුරක් වගේ වෙන්න...
ආදර හිත දුරක ගිහින්......
මගෙ හිතවත් කමට ඉන්න....
ඔය හුරතල් කොමළ මුවින්...
ආසයි අදවත් අහන්න....
ආදරෙ කියනා රහසින්.......

නිහඩ සිතුම් පොදි බැදගෙන...
ජීවිතයම දුකින් උන්න......
සසල සිතට විරාමයක්...
අදවත් මට ලබාදෙන්න.........
වැසි ‍වැටෙනා හැන්දෑවේ..
උරතලයට තියා ගන්න.....
කුඩේ යටින් යන්නටවත්....
චුට්ටක් මගෙ ලගට එන්න.....



මලක් වගේ සුමුදු වතට..
එපා අදුරු අහස දෙන්න...
ථලක් නොමැත එරෙව්වාට...
තව ආදරෙ වැඩි කරන්න.....
මිලක් නොමැති ඔය සුන්දර..
සිනහව මොහොතක් ලබන්න...
මලත් මොකද ඒ මොහොතේ...
එතරම් ආදරෙයි ඔන්න....

වැහි දිය මත දග කරනා...
ඔබෙ රූ ඡායා බලමින්...
ලං වූවත් අභියසටම....
ඔබ දුටුවිට මා ගොලු වෙම්....
කෙසේ කියමි ආල තෙපුල්...
ඔබගේ සවනටම ඉතින්...
එක් හූයක ලියා එවමි...
කුමාරියේ ආදරයෙන්.....

රන් මිනි මුතු නැති පුදනට...
පිවිතුරු ආලය පමණය.....
ඒ ආලය විදගැනුමට....
ඔබ ආවේ සසර මගය......
නතර නොවී ඉතිර යැවෙන..
හැගුමන් හදවත එමටය....
භවෙන් භවේ මගෙම වෙන්න...
සදා පතන එක පැතුමය......






No comments:

Post a Comment