Pages

Sep 9, 2013

සම්මත හා අසම්මත ආදරය

තුරු වදුලක සුලගට සැලෙනා....
මී වදයකි ඈතට පෙනෙනා.......
මීමැස්සන් වට කරමින් සිටියත්.....
පැණි කෑමට දිව පොපියනවා........

කඩමණ්ඩියෙ හන්දියෙ පෙනෙනා....
සිල්ලර කඩයක මිලට දෙනා.......
අසුරන ලද මී පැනි බෝතලයක්...
අන්න බලන් සද දිස්නෙ දෙනා..........

මාවත සරණා ජීවිත අතරේ..
නිතරම වාගේ ඇසට ගැටී......
එහි ඇති රසයත් නික්මෙන සුවදත්...
දුටුවන් පමණින් කියත හැකී.......

තුරු දෙබලක ඝන වනන්තරේ......
කාටත් රහ‍සින් හැදී වැඩී......
කෙතරම් රසබර වූවත් කුමටද...
අනතුරු බාධක අපමණකී........

දෙහදක් එක්වී දහසක් අතරේ...
සැනකෙලි සිරි සැමතැන මැවුනී.....
ඇතිමුත් ආලය රහසින් කිසිවක්...
ඒ ආදරයේ නැත පෙනුනී.........

හිරු සදු නොමදුටු.. ලෝකය නොමදත්..
ප්‍රේමය අසම්මතැයි සිතුනී......
එනමුදු ඒ පෙම් රසයෙන් කැලතුනු..
ජීවිත රහසින් සතුටු වුනී.....





No comments:

Post a Comment