Pages

Jul 21, 2013

නිරන්තරේ දකිනා


නිරන්තරේ දකිනා නෙතු දහසක් අතර....
අහම්බෙකින් දුටුවේ ඔය රුව අද හවස....
වැසි වැටෙනා හැන්දෑවේ ඈතට ඇදෙන....
ඔයා දිහා බලන් ඉන්න හිතෙයි දවසම.....

‍දුරින් පෙනෙන රුව දැකලා....මගේ පණ නල...........
හුස්මක් හුස්මක් ගානේ ..සොයයි ඔබවම.......
කථා නොකර නෙතින් බලා...සිතින් සැනසෙන.......
හිතත් මගේ සුලග වගේ ඔහේ පාවෙන.......

නිරන්තරේ දකිනා

සදාතනික සිතේ රැදුන... ඔබේ සෙනෙහස..
උදා ඉරක් සේ පායා.... නැගුනි හද තුල....
නගා ගන්න මට අවසර... නැතත් සිහිනෙට...
මනාලියයි සැමදා ඔබ ....මගේ ලෝකෙට...

නිරන්තරේ දකිනා






No comments:

Post a Comment