Pages

Jul 1, 2013

තනිවී නිදන්නයි මා..- අප්සට් ගී 10

මුල් ගීය.. තනිවී සිටින්නයි මා..



තනිවී නිදන්නයි මා..
අදහස් කලේ.....
ඔබමයි සොයා .. ඇවිදින්...
ඇද ඩබල් කලේ.....
කොට්ටය දැමූ වත් නෑ...
එය නතර කලේ....
පොඩි එකෙක් යලිත් නිවසට..
ඔබයි බිහිකලේ..........




මේ පාලු කාමරේ.. තනිවූ මෙමා.....
හතර වෙනි එකෙක් ගැන නං....
නැත තව සිතා...........
සිතුවිලි මගේ හසුරා ගත්තත් නමා....
සරමෙං අදින්නේ.....
උඹමයි සුදා................

තනිවී නිදන්නයි මා..

ලොව සිහල වර්ධනේ...
මදි බව දනී........
රටේ බඩු ගනං ඇහුවම..
මට මල පනී............
මේ තුන්දෙනා රකින්නත්...
ඕටී ඉමී.............
එන එකා ආ සැනින්.....
එහි නවතිමී...................

තනිවී නිදන්නයි මා..




No comments:

Post a Comment