Pages

Jun 24, 2013

ජීවිතේ විදින්නට .හෙටත් එනවද ඔයා..........

සසර මග විදින දුක් .........කම්කටොළු වේදනා......
නිතර සැරිසරන සැඩ...........සුලගකින් පෑරුනා.....
අතැර ලොව සුවහසක්...........ගායනා වාදනා....
නතර කල නොහැකි මෙන්.......පාළුවේ සැගවුනා.....




ගමන තව දුර යන්න.......... ධෛරයක් නෑ සිතේ
පවස සිද බිදලන්න ........... දිය බිදක් හෝ කොහේ....
කතර මැද අතරමග ..........ගෙවෙන සේ ජීවිතේ......
නිසරු වැලි කැට වගේ...... වේදනා වෑහුනේ..........

පැමිනි නෙක චෝදනා .......... බිද දමා නැගෙන්නෙමී........
එතුනු තුරු වැල් පවා.............හරසරින් ගෙනෙන්නෙමි.....
පවස සංසිදවනා ...................උල්පතක් මවන්නෙමි....
සකලවිද උවදුරින් ................දිවා රෑ රකින්නෙමි......

අතීතය ගීතයකි..................තාලයට එය ගයා............
සැගව ගිය වසන්තය............ ජනිත වන්නට තියා..............
පාළුවේ හිදින්නෙමි ....................පිළිතුරක නෙත් අයා......
ජීවිතේ විදින්නට .............හෙටත් එනවද ඔයා..........







No comments:

Post a Comment