Pages

Jun 23, 2013

මගේ දුරකථන ඉතිහාසය

දුරකථය..... වනාහි මිනිසාගේ අවශ්‍යතා හා උවමනා ඉක්මනින් ඉටු කරගැනීම සදහා සන්නිවේදන මාධ්‍යයක් ලෙස ක්රියා කරන වැදගත් මෙවලමකි....

මා එලෙස පාසල් සමයේදී ඉගෙන ගත්තා මට තාමත් මතකය... ට්රීං ට්රීං ගගා අපේ ගෙදරත් සාලයේ ඔව්වාගෙං එකක් තවමත් වැඩ වාසය කරයි.... එය මිලදී ගත් මුල් කාලයේදී... ඇමතුමක් එන තුරු අපි ඇගිලි ගනිමින් බලා සිටියෙමු... ඇමතුමක් ආ සැනින් එකිනෙකා පරයා ( පරයා කිව්වේ උඹලා හිතන පරයා නෙවෙයි හොදේ... මෙහි පරයා = පරදවා.. පසුකර ) දිව ගොස් ඇමතුමට පිළිතුරු දීම අපගේ සිරිතක්ව තිබූ බව සදහන් කරනු කැමැත්තෙමි... එහෙත් කල් යත්ම එහි අගය හෝ අපට ආන්සර් කිරීමට ඇති ආසාව හෝ එක්කෝ ඔය දෙකම නැතුව අපේ ගෙදරට කෝල් කරන උන් හෝ නැතුව ගිහින් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම අපට එපා විය....
මා මෙය ලියන මොහොතේද අප දුරකථනය 11 වාරයක් කෑ ගසා අප ගෙන්වා ගැනීමට අසාර්ථක ප්රයත්නයක් යොදා නිහඩ වූ බව සතුටින් දන්වා සිටිමි.... ඉන්පසුව ඇතිවූ අම්මාගේ දෙහි කැපිල්ලෙන් කන් දෙක බේරා ගැනීම සදහා මා විසින් ඊ බේ එකෙන් ගෙන්වා ගත් ස්ටීරියෝ හෙඩ් ෆෝන් යුගලය..මහත් සේ උපකාරී විය.. කෙසේ වෙතත් කෝල් කළ එකා නම් කිසිම ලැජ්ජාවක් ඇති එකෙක් නොවන බව මට වැටහෙන්නේ උ නැවතත් අපේ දුරකථනයට පාඩුවේ ඉන්ට නොදී වද දෙන නිසාය.. මුගේ මිත්තනියට හාල් ගරා දෙන්ට සිතා මාගේ එකම අක්කන්ඩිය ටෙලිපෝන් එක ඉස්සුව නමුත් ..... සිග්නල් දා දත් මැද්දා මෙන් ද , මන්චි ජින්ජර් බිස්කට් අනුභව කලා මෙන්ද... දුරකථනය බදාගෙන පැය ගානක සංවාදයකට මුල පුරනු මට දැනුනි... කමක් නෑ.. කමක් නෑ... ඔය වයසට ඔව්වා නොකර මොන වයසට කරන්ටද...

අපට ඇත්තේ ගෙදර ඇති ස්ථාවර (ලෑන්ඩ් ෆෝන් ) දුරකථනයක් පමණයි කියා ඔබට සිතෙන්නට පුළුවන... ඔබත් එහෙම හිතුවා නම් ඔබ භාගයක් හරිය... භාගයක් වැරදිය...
ඔබ භාගයක් හරි යන්නේ අපේ ජංගම දුරකථන වලින් ඇමතුම් ලබාගත නොහැකි නිසාය....
අම්මා දෙන මුදලින් රී ලෝඩ් දාපු සැනින් මා ඇයට ( මගේ එක්කෙනාට - එයා ගැන ඉස්සරහට කියනවා ) කෙටි පණිවිඩ රොත්තක් යවමි.. ලැබෙන රිප්ලයි වලට නැවත ආන්සර් කිරීමේදී මටත් නොදැනුවත්වම සතියට ලැබෙන රු 50 සහණාධාරය උපන් ගෙයි ම මිය යයි... අනේ දෙයියනේ.... ගෙදර යනකං වත් මේකේ සල්ලි තිබ්බා නං.....

ඔබ භාගයක් වැරදි වන්නේ අපගේ දුරකථන වලට කලාතුරකින් අමුත්තන්ගෙන් හා... සෑම විටම මගේ එක්කෙනාගෙන් හා මගේ මස්සිනා පොඩ්ඩගෙන් ලැබෙන ඉනිකමින් කෝල් නිසාය... ලංකාවේ නෙට්වර්ක් වල සත් ගුණවත් හොර රැලට පින් සිද්ද වෙන්නට යාන්තං ඉන්කමින් ‍ෆ්රී කර මාව වැටෙන්නට ගිය ලෝක අමාරුවෙන් බේරා ගති.. ඔබට පින් සිදු වේවා...
ඒ නෙට්වර්ක් වල කථා කරන අක්කලා හරි හොද අය වේ... එයාලා අපි ගන්නා වෙනත් ඇමතුම් වලට කථා කරන අය මෙන් නොවී.... ආයුබෝවන් කියයි.. පසුව ‍( වෙන කෙල්ලෙක් ගෙන් අහගන්නට ඉතා අමාරු ) නම කියයි... පසුව මට පුළුවන් ඔබට සහය වන්න කියාද කියයි...
අනේ ඒ අක්කා එක්ක මට කොච්චර දේවල් තියෙනවාද ඉතිං කථා කර කර ඉන්ට...අපේ ‍අල්ලපු ගෙදර ගෑනි රෑට රෑට අනිත් පැත්‍තෙ ගෙදර මිනිහා එක්ක අල්ලං සෙල්ලම් කරන ඒවා..... එතකොට කිරි කාරයා හැමදාම උදේට අපේ නැන්දාට ඇහැක් ගහන සීන්.... පාන් කාරයා අපේ ගේ ලගම වැඩිපුර බෙල් එක ගගහා කැරකෙන සීන්... අම්මියෝ ඒ අක්කට කොච්චර නං දේවල් තියෙනවාද කියන්ට.... දවසක් මම එයාට ඔව්වා කියන්ටයි කියලා ගියාම එයා කිව්වා සර් කරුණාකර මාත්තුරුකාවට අදාළ දේ පමණක් කතා කරන්ටයි කියලා... ඈ යකෝ මාත්තුරුකාවට අදාලව කථා කරන්ට මේක විවාදයක්ද, රචනාවක් ද, නැත්තං නව කථාවක්ද.... ඔන්න ඕක තමයි කියන්නේ වදින්ට ගිය දේවාලේ ඉහේ කඩං වැටෙනවා කියලා...
පාළු ඇති එයාට කියලා කථා කලාම එයා මට රෝං ටෝක්ස් එකක් දුන්නේ....
හා හා අපි බලාගමුකෝ නංගී.....

ජංගම දුරකථනයක් මට ඉස් ඉස්සෙල්ලාම ලැබුනේ මාගේ 17 වෙනි උපන්දිනයටයි.. ඒ වෙනතුරු මට ජංගම දුරකථන ඔක්කෝම තහනම් කර තිබ්බේ කෙල්ලන්ගෙන් මාව බේරා ගන්නටයි අම්මා කීවාය... බලන්න මව් සෙනෙහස...... කෙසේ වෙතත් මාගේ 17 වැනි උපන්දිනය දවසට කලින් දවසේ අපේ අම්මා සහ තාත්තා මා වෙත පැමිණ අපි ඔබට කුමන දුරකථනයක් තෑගි දෙනවාට ඔබ කැමති දැයි මාගෙන් විමසා සිටියහ... ඉදලා ඉදලා ගන්ට හදන භාන්ඩේ ඉස්තරම්ම ‍එකක් වෙන්ට ඕනෙ නිසා... මමත් ගත් කටටම බ්ලැක් බෙරි එකක් ම ඉල්ලුවෙමි.... උපන්දිනය දිනයේදී බ්රිටිශ් කව්න්සිල් පන්ති තිබූ බැවින් මාගේ මව සහ පියා මාගේ උපන්දින තෑග්ග රැගෙන ඒමට ගොස් තිබුනි.... වැඩි හොදට කියා මා මට අවශ්‍ය දුරකථනයේ හැඩරුව තාත්තාට කොලයක ඇද දුන්නෙමි... එදා හවස දහසක් පැතුම් පුරවාගෙන මා නිවසට පැමිනෙන විට ලස්සනට රැපින් කළ පෙට්ටියක් මට ලැබුනි.... පෙට්ටිය විවෘත්ත කර බලනකං මට ඉස්පාසුවක් නොවුන නිසා..... එහෙමම මම එක කරගෙන යද්දි .. මාගේ පියානන් වහන්සේ පැමින මාගේ මනස කුල්මත් කරන සුළු වදත් කිහිපයක් තෙපලන ලදී..

පුතා .. ඔන්න ඔයා ඇදලා දීපු විදිහේම එකක් ගෙනාවා... පුදුමෙ කියන්නේ පුතේ ඔයා කියපු තරම්ම ලොකු ගානක් උනේ නෑ ඕක... ඔක්කෝටම වියදම් උනේ රු 10 000 ක් විතර... ඔන්න අපි ඉතුරු රු 40 000 ම පොතට දැම්මා....



හුටා... මෙන්න මා සිහින මැවූ බ්ලැක් බෙරි එක මගේ අතේ.... එය
ඊ ටෙල් ( E-TEL ) මගුලකි..




No comments:

Post a Comment