Pages

Jun 23, 2013

ගියාද ඔබ මගෙ හදවත බිඳලා......

පාර ලගින් සිටියත් මග බලලා...
ඈත දුරින් නෙත සෝදිසි කරලා...
සාරසියක් පෙරුමන් තව පුරලා....
වාවගන්න බෑ නෙත ඉකිබි‍දලා....

ඈත දුරක සුර විමනක් තනලා...
පාට පාටසළු පිළි එහි ඔතලා.....
හීන හතක් ඔබ දුන්නත් මවලා....
හීන මාලිගා ඇත අද බිදිලා...

ලෝකෙ වටේ ගෙනියන්නට හිතලා...
ආදරේක බිතු සිතුවම් ඇ
ලා....
වාසනාව කෝ.. නෑ මට ලැබිලා....
මුසා බසින් ඇ
ි සිතුවම් මැකිලා....

ජීවිතයේ උරුමය ඔබ කියලා....
දෙමාපියන් සොයුරන් හැර දමලා...
ආවත් ඔබ හා නව ලොව සොයලා...
හීන කොදෙව්වක මං තනි වීලා....

නිරුදක කතරේ සරු පස වීලා....
නිල් රැලි සයුරට වෙරලක් වීලා...
අදුනක් වී දෙනෙතම පිනවාලා....
කෝ අද ඒ රුව නෑ මට පෙනිලා....

රෑට පවා රහසින් ඉගි කරලා....
සීත සුලගකින් මට අතවනලා...
‍ජීවිතයම සෙල්ලමකට දමලා...
ගියාද ඔබ මගෙ හදවත බි
ලා......




No comments:

Post a Comment