Pages

Jun 23, 2013

මෙන්ඩ නැන්දම්මාට හසුවීමි

ඊයේ යැවූ එස් එම් එස් වැඩ කෙරුවා...
පාරේ කොනක ඇය මා එනතුරු දුටුවා..
ආදර ලතාවෙන් ගෙන මා ලය පුරවා...
ඇය සමගින් බස් රථයට ගොඩ වූවා...

පාරේ දුවන්නේ ලොකු බස් කියාලා...
ලොකු බස් වලත් පෙම් මුලු ඇත හදාලා...
පසුපස ආසනේ කෙරවල බලාලා...
නැග්ගා ඇය සමග අද ෆන් සිතාලා....

චූටී මගේ හොද සූකිරි බෝලෙ පන....
එන්නකො ටිකක් මා අසලට සුර අගන..
ගන්නකො මගේ අත උකුලට දෝත ගෙන...
කිංකිනි සිනා වැල් නංවනු මැන රැජින...

මල්සර මචං මල් හී ගෙන එන වේලේ.....
කොන්දොස්තරයා ඇත ඈතින් මේ වේලේ...
බස්එකෙ වැඩිය සෙනගක් වත් නැති කාලේ...
දෙන්නකො උම්මා එක දෙක මට කිරි බෝලේ..

රංගන රැගුම නටවා බස් රථය තුල
පෙන්වන ආල මනරන්ජන හැගුම් නල...
උත්තම ආදරය දක්වා මා අසල....
කරටත් අතක් දා ගත්තෙමි පෙම් සිසිල...

පෙම් සැප අරං අපි දෙන්නා යන කලට...
ඇන්ටී කෙනෙක් නැග්ගයි බස් එක තුලට...
එය දුටු මගේ පන පත්විය භීතියට...
කුමකින් කුමක් කරගමිදෝ සිතුනි මට...

අම්මප යකෝ තෝ කොහෙදෝ මේ යන්නේ...
බ්රිතිශ් කව්න්සිල් කඩවතදෝ ඉන්නේ... ?
අසනීපයක් හැදිලද මේ බුදියන්නේ....
රෙදි ඇදගෙනද තෝ මෙතනිං ඉද ගන්නේ ?

ප්රයිවට් ක්ලාස් යන්ටෙයි කිය කිය ඉදලා....
පන් හය සීයයකින් මට අද ඇත විදලා....
උදේ හතට ගෙදරිං තෝ පිටත් වෙලා...
අවලං කමේ යනවද දැං දවල් වෙලා...

‍කෙල්ලට පොලොව පලලා දිව යන්ඩ සිතී...
අඩාගෙනම බස් රථයෙන් පිටට යතී...
තෝ කොහි යන්ද කියලා මව් තුමිය මැතී..
මගෙ කොලරයෙන් අල්ලා එහි ඉදගත්තී...

අනේ බුදු පුතේ මගෙ රන් කද වාගේ...
උඹ නොදනිත්ද මේ කෙල්ලගෙ බරබාගේ....
මගුලක් කථා කරලත් ඇත මහබාගේ...
එනමුත් නැතේ කිසි ගානක් ඒ දීගේ....

උඹ වැනි එව්න් දිනපතාම එහි එනවා....
පෙම් සුව දෙමින් පිච්චියටම නැති වෙනවා..
දිනයක් ගෙවුන විට ගෙදරට යලි එනවා...
ඉන්පසු සදහනක් වත් යලි නැති වෙනවා...

බේරුන නිසා සත්තමකින් පරසිද්ද....
නැන්දට පින් දෙමින් මා දහ අත වැන්ද...
ලබන ආත්මෙත් ඉපදී මා නැන්ද.....
ඈ වැනි දියනියක් දෙනු මැන පෙම් බැන්ද...




No comments:

Post a Comment