Pages

Jun 24, 2013

ටෙලි නිලියේ

දිලිසෙන එළි දහසක් මැද...සැනකෙලි සිරි නාද අතර...
පැටලෙන සිත ඔය රුව දස අත විමසනවා..................
රූපවාහිනී තිරයෙන්..එබී බලන අඩ පැයකට...
ජීවිතයම ඔයා මගේ කියා හිතෙනවා...........

කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....
දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......





විඩා නැගෙන හැන්දෑවේ...තදබද වූ මන්මාවත්...
අතරින් හනි හනිකේ නිවසට මා එන්නේ......
හතයි තිහේ කනිසම ලග...සිත නවතියි නෙතු විමසයි..
ඔය රූපය දැකගන්නයි මං ලැතැවෙන්නේ..........

කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....
දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

කලා කෙතින් පිබිදී එන....උදා ඉරක් සේ දිදුලන...
අහංකාර ඔය බැල්මට සිත උමතු වෙලා.............
විනාඩියක් ගතවෙනකොට...මැවේ දහස් වර ඔය නෙත...
නොදැක ඉන්නෙ කොහොමද තව..එන්නම් සොයලා..............

කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....
දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

දිලිසෙන එළි දහසක් මැද..




No comments:

Post a Comment