Pages

Jun 23, 2013

රෝස මලක් ( 6/8 )


රෝස මලක් අතේ තියං පේමන්ට් එක ලග...
අදත් ඔයා එනකං මං බලං හිටියා මග.....
කොහෙද යන්නෙ කව්ද දන්නෙ ඔලුව විකාරෙට...
අනේ කෙල්ලෙ අදවත් ඔබෙ බහ දීපං මට..........

කොල්ලුපිටියෙ බම්බා පැත්තෙ රව්ම් ගහන්නේ...
උදේ හවස රෑ වෙනකං මොනවද වෙන්නේ....
ක්ලාස් ඇරෙනකන් පාරේ ගැන්සි බහින්නේ....
ඔය ආදරෙ අරගන්නයි මං ලතැවෙන්නේ........


රෝස මලක් ....

රෑට රෑට.. දිලි දිලිසෙන තාරුකා.. වගේ............
පාට පාට හීන ගෙනත් නැවතුනා හදේ...........
කොහොම උනත් ඔය රූපෙට රැවටුනා ලදේ....
ඉදලා ඉදලා මං කෑවෙත් ඉනාවක් වගේ......!

රෝස මලක් ......

පාර දිගේ පිස්සු වගේ පස්සෙං යනවා....
චොක්ලට් අයිස්ක්‍රීම් අරං පර්ස් හිදෙනවා.........
අනේ තාම කථා නැතුව මං ලතැවෙනවා.......
උත්තරයක් අද දුන්නොත් ..........(අම්මපා)
උත්තරයක් අද දුන්නොත් උස්සං යනවා........

රෝස මලක් ........


6*8
සින්දු හදන අයියා කෙනෙක් සින්දුවක් හදා ගන්න ;)




No comments:

Post a Comment